ආගමක්, විශ්වාසයක් වෙනුවෙන් මිනිසුන්, මිනිසුන්ව විනාශ කර දමන කාලයක, රොබෝවරුන් දෙදෙනෙක්, මිනිස් දරුවන් වෙනත් ග්‍රහලොවක (Kepler-22b) හදා-වඩා ගන්නා ආකාරය Raised by Wolves කථා මාලාවෙන් පිළිබිඹු වෙනවා.
මනුෂ්‍යත්වය, විද්‍යාව සහ මිත්යාවිශ්වාස අතර ඇති බෙදුම් රේඛා බොඳ කර, වෙනස්ම වූ විශ්වීය යථාර්තයක් මවා පෙන්වීමට, රිඩ්ලි ස්කොට් උත්සහ කර ඇති බව පළමු කතා මාලාවේ අවසානයේ පැහැදිලි වෙනවා.
විද්‍යා ප්රබන්ධවලට කැමති අය නැරඹිය යුතුම කතා මාලාවක්...