"ඔබේ දෑස් විවර කරන්න. හොඳින් විවර කරලා, ඒවා සදහටම පියවෙන්න ඉස්සර ඒවයින් දකින්න පුළුවන් සෑම දෙයක්ම හොඳින් දැකබලා ගන්න"
ALL THE LIGHT WE CANNOT SEE
කාථාව මොන වගේද කියනවට වැඩියෙන් මට දැනිච්ච දේවල් මේකේ ලියන්නම්.
ඇස් නෙපෙනෙන මාරි-ලෝ ලුබ්ලොං හා හීනයක් හැඩ කරන්න වෙර දරන වෙනෙර් ෆෙනින්ගේ කතාව.
දෙවන ලෝක යුධ සමය අලලා ලියැවුනු මේ කෘතිය අවසානය දක්වා නිතරම පාහේ ඉතා සංවේදිව සිත පාරමින් ඉදිරියට ගලා ගිය වෘතාන්තයක් වගේ. පෞද්ගලිකව මාරි ලෝ ගේ පරිච්ඡේද වලට මම වැඩිපුර ප්රියතාවයක් දැක්වූවත් අවසානයේ වෙනර් පිලිබඳව ඇති වූ කම්පනය ස්ථිර වශයෙන්ම මොළයෙහි තැන්පත් වන බව නිසැකයි.
යුධ සමයෙහි දී හා එයින් පසුව පුද්ගල ජීවිත වලට හා එවුන්ගේ ආත්මයන්ට ඇති කරන ලද බලපෑම හරි ලස්සන කතාවකට අමුණා ගැට ගා අවසානයේදි එය ලිහා දමන අයුරු හරි අපූරුයි.
මාරි ලෝ හා වෙනෙර් අවසානයේ එකිනෙකා මුණ ගැසෙන බව කල්තියාම දැන සිටි නමුත් මෙපමණ සංවේදි හා වෙනස් අයුරින් එය සිදුවෙතැයි කියා සිතුවේම නැත.
යුධ ඉතිහාසය, ලෝක යුධ සමයේ ඇති වූ බිහිසුණු බව,පවුල, ආදරය, ත්රාසය යන සියල්ලා අලලා ලියැවුණු ප්රංශයේ මුහුදෙන් වට වූ සන්මාලෝ නගරය, ජර්මනියේ ගල් අඟුරු පතල් සහිත සොල්වෙරං නගරය ආදී නගර බොහෝමයක අප සිත් ඇඳබැඳ තබා ගනී.
එක හුස්මට කියවන්න තරම් බැරි වෙච්ච පරිච්ඡේද කිහිපයක්ම තිබුණා කියා සිතුනත් මනසින් කථාව අතුරුදහන් හෝ මඟ හැරීමක් සිදු නොවුනු සාර්ථක නව කතාවක්.
My Ratings- 3.9/5